1. වැඩි ජාත්‍යන්තර විද්වත් සහභාගීත්වය – TIIKM Conferences වලට සහභාගී වන්නන් 90%ක් පමණ ලංකාව හැර විවිධ රටවලින් සහභාගී වේ. බොහෝ සම්මන්ත්‍රණ වලට රටවල් 20කට වඩා වැඩි ප්‍රමාණයකින් විද්වතුන් සහභාගී වේ. ලංකාවේ බොහෝ සම්මන්ත්‍රණ වල මෙම කරුණ අනෙක් පස වන අතර බොහෝ International කියා කියනු ලබන සම්මන්ත්‍රණ වල Keynote Speaker පමණක් ජාත්‍යන්ත්‍රර වීම බහුලය.

  2. සියලුම දෙනා හට ලබා දෙන පුද්ගලික අවධානය – ඔබ පලමු වර ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වුවද, අත්දැකීම් සහිත පරිණත විද්වතෙක් වුවද TIIKM Conferences ආයතන ඔබගේ සියලුම සම්මන්ත්‍රණය සම්බන්ධ ගැටළු වලට පුද්ගලික අවධානය ලබා දෙමින් කටයුතු කරනු ලබයි. ඔබගේ දියුණුවට TIIKM ආයතනයේ සහය ලබාදීම ආයතනයේ ප්‍රමුඛතම අභිලාෂයකි.

  3. වැඩිම ජාත්‍යන්තර ආයතන ප්‍රමාණයක එකතුව – TIIKM Conferences වලට විවිධ ආකාරයේ සහයෝගය දක්වන ජාත්‍යන්තර ආයතන බොහෝ ප්‍රමාණයක් එකතු වීම විශේෂ ලක්ෂනයකි. TIIKM හි ජාත්‍යන්තර සම්භන්ධතා අංශය (Devision of International relations) මගින් සියලුම සම්මන්ත්‍රණ සඳහා එම විශයට අදාල විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර සංගම්, රාජ්‍යය ආයතන ඇතුළු ආයතන 10ක් පමණ සහභාගී කරනු ලබයි. එම නිසා සහභාගී වන්නන් සඳහා බොහෝ ජාත්‍යන්තර මට්ටමේ අවස්තා උදා වේ.

  4. හොඳම අධ්‍යාපනික ප්‍රකාෂන සේවය – Academic Publication – TIIKM ආයතනය සියලුම සම්මන්ත්‍රණ සඳහා ලෝකයේ හොඳම අධ්‍යාපනික ප්‍රකාෂන සහය ලබා දෙනු ලබයි. හොඳම Journal අඩුම 5ක් වත්, සියලුම Index කිරීම් වලට අනුගත Proceedings සේවය, TIIKM හි තමාගේම ප්‍රකාශන සේවාවන්, නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ ජර්නල් කතෘවරුන්ගේ වැඩමුලු, ඔබ හට පුදිගලික මට්ටමේ සහය වීම් හා විවිධ අගය එකතු කිරීම් සේවා මගින් ලොව වඩා පිලිගත්ම හා උසස්ම ගනයේ අධ්‍යාපනික ප්‍රකාශන සේවාවක් ලබා දෙනු ලබයි.

  5. ජාත්‍යන්තර වැඩමුළු – TIIKM Conferences ආයතනය සියලුම සම්මන්ත්‍රණ සඳහා එම විශයට අදාල ජාත්‍යන්තර වැඩමුළු (workshops) 2කට වඩා වැඩි ප්‍රමාණයක් නොමිලේ සංවිධානය කරනු ලබයි. මෙහිදී, බලාපොරොත්තුව තම වෘත්තීය තත්වය දියුණු කිරීමට සහභාගී වන්නන්ට උපකාර කිරීමයි.

  6. හොඳම ජාත්‍යන්තර සම්භන්ධතා – TIIKM ආයතනයේ බලාපොරොත්තුව ඔබගේ වෘත්තීය දියුණුව මගින් සමාජය ප්‍රගමනයට කාරණා සිදුවනු දැකීමයි. එම නිසා TIIKM Conferences වල ප්‍රමුඛතම අංගයක් ලෙස විවිධ Network Gatherings දැක්විය හැක. සම්මන්තරණ දින පමණක් නොව ඊට කලින් හා පසුව සියලුම සහභාගී වන්නන්හට සම්භන්ධතා පවත්වාගෙන යාමට වැඩපිලිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරනු ලබයි.

  7. ජාත්‍යන්තර සම්මාන – TIIKM Conferences මගින් ලොව පිලිගත් ස්වාධීන විද්වතුන් යොදා ගනිමින් සම්මන්ත්‍රණය තුලදීම වටිනාම ප්‍රර්‍යේෂන තෝරා එවා සඳහා විශේෂ ඇගයීම් කරනු ලබයි. ඇගයීමට අමතරව එම පර්‍යේෂණ පිලිබඳව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා දීමටද කටයුතු කරනු ලබයි.

  8. නව්‍යකරණය හා උසස් තත්වයේ අත්දැකීම් – TIIKM ආයතනයේ පර්‍යේෂන අංශය නිරන්තරයෙන් සම්මන්ත්‍රණ වල ගුණාත්මය මෙන්ම සහභාගීවන්නන් සඳහා වන අත්දැකීම් දියුණු කරනු ලබයි. ඔබ ඔන්ලයින් මාධ්‍ය තුලින් හෝ පුද්ගලයෙකු වශයෙන් සහභාගී වුවද ලොව අනෙකුත් සම්මන්ත්‍රණ වලට සාපේක්ෂව ඉතා ඵලදායි හා නව්‍ය අත්දැකීමක් ලැබීමට සලස්වා ඇත.

  9. ලොව පිලිගත් විශ්වාසය – TIIKM Conferences අවුරුදු 9ක් මෙම ක්ෂේස්ත්‍රයේ සේවය කරන් ආයතනයකි. ජාත්‍යන්තර සමුළු 250කට වඩා විවිධ රටවල් 8ක සංවිධානය කරමින් විද්වතුන් 15000කට වඩා සහභාගීත්වයක් මෙන්ම ලොව ප්‍රමුඛතම විද්වතුන් 500කට වැඩි ප්‍රමාණයක් විශ්වාස කල ආයතනයකි. 95%ක උපරිම සතුටුදායක සේවා තෘප්තිමත් බවක් හිමි කරගැනීම මෙන්ම Facebook, YouTube ඇතුලු සමාජ මාධ්‍ය මෙන්ම ඉන් පිටතදීත් 100000 ආසන්න සේවා ලාභීන් සිටින ආයතනයකි. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, විවිධ රටවල රාජ්‍ය අමාත්‍යාංශ, NGO, පුද්ගලික ආයතන, ජාත්‍යාන්තර සංගම් 400කට වැඩි ප්‍රමාණය්ක් මෙන්ම ජර්නල් 300කට වැඩි ප්‍රමාණයකට වඩා වැඩි ප්‍රමාණයකට වඩාද සමග සම්භන්ධතා ඇති ආයතනයකි. මෙවැනි ආයතනයක සේවා ලබා ගැනීම ඔබගේ දීර්ඝ කාලීන වෘත්තීය දියුණුවට මග පාදනු ලැබේ.

  10. සමාජ ප්‍රගමණයට දායක වීම – ඔබ සරලව සම්මන්ත්‍රණයකට සහභාගී වන්නකු නොව අදාල විෂය ක්ෂේත්‍රයේ ඔබගේ වෘත්තීය දැනුම සහ හැකියාවන් දියුණු කිරීම මගින් ලොවට වඩා වැඩි සේවයක් කල හැකි බව TIIKM ආයතනයේ දැක්මයි. ඒ සඳහා ඔබට දීර්ඝ කාලීනව සහය දීමට යාන්ත්‍රණයක් TIIKM Conferences වලින් සකසා ඇත.

TIIKM යනු ජාත්‍යන්තරයේ නම රැන්ඳූ පුර්ණ ශ්‍රී ලාංකික ආයතනයකි. ලොව රට්වල් 8ක සම්මන්ත්‍රණ මෙහෙයවමින් ලොව වඩාත් දියුණු හා ප්‍රායෝගිකව වැදගත්වන සේවාවක් ගෝලීය අධ්‍යාපන කේෂ්ත්‍රයට ලබා දෙනු ලබන TIIKM ආයතනය සමග ඔබගේ අනාගතය වඩාත් පැහැදිලි කර ගන්න. නිවරදි පර්යේෂන අධයාපන කේෂ්ත්‍රයක් බිහි කිරීම තුලින් ලොව දියුණුවට හා සමාජ ප්‍රගමණයට දායක විය හැකි බව TIIKM ආයතනයේ විශ්වාසයයි.


Written by
Duminda Koralagamage
The author is a well known professional in the field of Academic conferences and Academic publication. He worked different type of international conference organizers, associations and academic publication departments over the past seven years.